Monday, May 16, 2011

මගේ ආදරේ........ 1 කොටස

"පුතා........ ආදී........."
හයියෝ.... අම්මා කතා කරනවා.ම්ම්........... පූස් පැටියා තාම කිරි ටික බීලා ඉවර නෑ නේ.පූස් පැටියයි උගෙ කිරි කෝප්පෙයි දිහා මාරැවෙන් මාරැවට බල බල ඉන්න කොට මෙන්න අම්මා ළගටම ඇවිල්ලා. "ආදී අන්න ජගත් මාමලැයි ගෙදරට ෂෝයි නංගියෙක් ගෙනැල්ලා ලු".මොකක් කිව්වා..... නංගියෙක්.............
සල්ලි කියන දේ ඕනෑ තරම් තියෙන, ඒ වගේම සතුට, සමගිය ඇති තරම් තියෙන පවුලක එකම පිරිමි දරැවා උන මං දනි පනි ගාලා හිටිය තැනින් නැගිට්ටා."අම්මා යන් යන් අපි දැන්ම යන්කෝ එයාව බලන්න".මං අම්මාගේ අතේ එල්ලිලා කෑ ගහන්න පටන් ගත්තා."හම්මෝ මෙයාට තියෙන හදිස්සිය".ආදරෙන් මගේ ඔළුව අතගාපු අම්මා,මං මෙහෙම හදිස්සියෙන් කෑගහන බව දැනගෙනමද කොහෙද අරන් ආපු මගේ කහ පාට ටී ෂර්ට් එක ඇන්දුවා. ඊට පස්සේ මීට සති ගානකට උඩදි ගෙනාපු ටිකක් විතර ලොකු පාර්සලයක් අතට ගත්තා."හ්ම්ම්....... දැන් හිමීට යමු හො‍දේ........ "කියලා මගේ අතින් අල්ලගෙන ජගත් මාමලෙයි දිහාවෙ යන්න පාරට ආවා.මගේ අම්මාගේ වගේම තාත්තා ගෙත් හොදම යාළුවෝ වෙච්ච ජගත් මාමයි අනෝමා ආන්ටියි හිටියේ අපේ ගෙවල් පේන දුරින්.එයාලට අපේ ගෙදරයි අපිට එයාලයෙ ගෙදරයි කියලා වැඩි වෙනසක් තිබුනේ නෑ.

Friday, December 24, 2010

ආයිමත් පරණ මං....

ජීවිතේ නොහිතපු විදියට වෙනස් උනා....
ළග හිටිය අය ඈත් උනා...
මං තනි උනා...
දාහක් වේදනා හිතට දැනෙද්දී... නොදැනිම මං ගොළු උනා...
ගැටළු වලින් ඔලුව බර උනා..
අන්තිමට මං පිස්සෙක් වුනා...
මතකයත් ටිකක් ඈත් උනා...
අම්මා මගේ හදහන බලවද්දී... වෙලාව හොද නැහැ කියලා තිබුනා...
මමත් නොදැනම අවුරැද්දකුත් ගෙවුනා...
ටිකෙන් ටික මට හොද වුනා...
පියවි ‍ලෝකෙට එන්න පුලුවන් වුනා...
අවුරැද්දකට පස්සේ වටපිට බලද්දී... ගොඩක් දේ වෙනස් වෙලා කියලා හිතුනා...
හැමෝටම මාව අමතක වෙලා තිබුනා...
මගෙ හොදම යාලුවටත් වෙන යාලුවෙක් හමුවෙලා තිබුනා...
හිත නම් හොදටම රිදුනා...
කම්මුල් දිගේ කදුළු බේරෙද්දී... මං එදා මමමයි නේද කියලා හිතුනා...