ජීවිතේ නොහිතපු විදියට වෙනස් උනා....
ළග හිටිය අය ඈත් උනා...
මං තනි උනා...
දාහක් වේදනා හිතට දැනෙද්දී... නොදැනිම මං ගොළු උනා...
ගැටළු වලින් ඔලුව බර උනා..
අන්තිමට මං පිස්සෙක් වුනා...
මතකයත් ටිකක් ඈත් උනා...
අම්මා මගේ හදහන බලවද්දී... වෙලාව හොද නැහැ කියලා තිබුනා...
මමත් නොදැනම අවුරැද්දකුත් ගෙවුනා...
ටිකෙන් ටික මට හොද වුනා...
පියවි ලෝකෙට එන්න පුලුවන් වුනා...
අවුරැද්දකට පස්සේ වටපිට බලද්දී... ගොඩක් දේ වෙනස් වෙලා කියලා හිතුනා...
හැමෝටම මාව අමතක වෙලා තිබුනා...
මගෙ හොදම යාලුවටත් වෙන යාලුවෙක් හමුවෙලා තිබුනා...
හිත නම් හොදටම රිදුනා...
කම්මුල් දිගේ කදුළු බේරෙද්දී... මං එදා මමමයි නේද කියලා හිතුනා...
Friday, December 24, 2010
Subscribe to:
Posts (Atom)